සමගි ජන බලවේගය සමග එක් වූ හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතා මව්බිම ජනතා පක්ෂය සමග එකතු වූ බවට වන පුවත අසත්‍ය පුවතක් බව සමගි ජන බලවේගයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විවිධ පාර්ශ්ව සමගි ජන බලවේගය සමග ඒකරාශී වීමේදී මෙවැනි අසත්‍ය ප්‍රචාර ඉදිරියේදීද සිදු විය හැකි බව එහි සඳහන් කර තිබේ.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් සුජීව සේනසිංහ මහතා මෙලෙස සඳහන් කර ඇත.
‘සමගි ජන බලවේගය සමග එකතු වූ හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතා මව්බිම ජනතා පක්ෂය සමග එකතු වූවා යැයි හැෙඟන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ජාලා හරහා සංසරණය වෙමින් පවති.
මෙය අසත්‍ය පුවතක් වන අතර එවැනි සිදුවීමක් සිදු වී නොමැති බව අවධාරණය කරමු.
සමගි ජන බලවේගය ශක්තිමත් කිරීම සඳහා විවිධ පාර්ශ්ව ඒකරාශීවීම තුළ මෙවැනි අසත්‍ය ප්‍රචාර ඉදිරියේදී ද සිදු විය හැක. ඒ පිළිබඳව අපි දැඩි අවධානයෙන් පසුවෙමු.
මෙවැනි ඡායාරූප පළ කිරීමට පෙර අදාළ පාර්ශ්වයක් ජනරාල් දයා රත්නායක මහතා විමසා කටයුතු කළේ නම් එය යහපත් මාධ්‍ය භාවිතයක් බවද පෙන්වා දෙනු කැමැත්තෙමි.’