පාසල් ක්‍රිකට් තරග අවසන් වන තුරු කොළඹ පිහිටි බාලිකා විද්‍යාලවලට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පොලිසිය තීරණය කර තිබේ.
පාසල් ක්‍රිකට් මුල්කරගනිමින් බාලක පාසල් වල සිසුන් බාලිකා පාසල්වලට කඩා වැදීම මුල්කර ගනිමින් බාලිකා පාසල්වලට ආරක්ෂාවක් ලබාදීමට තීරණය කළ බව කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා සඳහන් කළේය.
එම ආරක්ෂාව පාසල් කාලය තුළදී පමණක් ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය. කොල්ලුපිටියේ පිහිටි බාලිකා පාසලකට පසුගිය සිකුරාදා පාසල් දෙකක සිසුන් කඩාවැදී පාසලේ දේපළ වලට හානි කළ බවට පැමිණිල්ලක්ද ලැබී ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සිසුන් 34 දෙනෙක් අත්අඩංගුවට ගෙන දෙමාපියන් කැඳවා අවවාද කර මුදාහැරිය බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.