ඥාණසාර හිමියන්ට දඬුවමට අදාළව ‘සිරගෙදර දී කළ යුතුදේ’ නියම කෙරේ

සිර දඬුවමට ලක්ව බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ උපස්ථාන කටයුතුවලට යොමු කර ඇතැයි වාර්තා වනවා.

වකුගඩු රෝගී තත්වයක් හේතුවෙන් උන්වහන්සේ ඊයේ (10) දිනය වන තෙක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා තිබෙනවා.

ඥාණසාර හිමියන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් බව තීරණය කිරීමෙන් අනතුරුව උන්වහන්සේ යළි වැලිකඩ බන්ධනාගාරයට යොමු කිරීමටයි තීරණය කර ඇත්තේ.

එහිදී දඬුවමට අදාළව තමන්ට පැවරුණු බන්ධනාගාර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඥාණසාර හිමියන් විරෝධය පළ කර ඇති බැවින් මේ සඳහා යොමු කොට ඇති බවයි වාර්තා වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *