රන් මිල ඉහළ යයි

ලෝක වෙළඳපොලේ රන් මිල ගතවූ සතිය තුළ සියයට 1.3 ක වර්ධනයක් පෙන්නුම් කළ අතර, රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1510 ක් ලෙසයි.

එමෙන්ම ලෝක වෙළඳපොලේ රිදී මිලද සියයට 4 කින් වර්ධනය වී ඇති අතර, අවුන්සයක මිල ඩොලර් 18 යි ශත 25 ක් ලෙස සටහන් වුණා.

ලෝක වෙළඳපොලේ ප්ලැටිනම් අවුන්සයක මිල ගතවූ සතිය තුළ ඩොලර් 40 කින් ඉහළ ගොස් තිබෙනවා. ආයෝජකයන් සුරක්ෂිත ලෙස භාවිත කරන වටිනා ලෝහ මිල මෙලෙස ඉහළ යාමට ඇමරිකාවේ දුර්වල ආර්ථීක දත්ත හේතුවී ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම ඉන්දියාවේ දීපාවලී උත්සව සමයද රන් මිල ඉහළ යාමට හේතුවක්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *