ගූගල් සෙවුම් යන්ත්‍ර හරහා හොඳම ‘ටොයිලට් පේපර්’ වර්ගය විමසන විට පාකිස්තාන ජාතික ධජය දිස්වීම නිසා එරට ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.
ගූගල් ආයතනය ද මෙමගින් මහත් අපහසුතාවට පත් වුණු අතර පසුගිය දා, පාකිස්තානයේ ‘ජායිෂ් ඊ මොහොම්මද්‘ ත්‍රස්ත කල්ලිය එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් ඉන්දිය සෙබළුන් 46 දෙනකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමෙන් පසුව මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
පාකිස්තානයට කළ විරෝධය පළ කිරීමක් ලෙස, ඉන්දියානු පරිගණක විශේෂඥයන් හෝ හැකර්වරුන් හෝ ගූගල් සෙවුම් යන්ත්‍රවල දත්ත වෙනස් කර, ‘ටොයිලට් පේපර්’ සමඟ පාකිස්තාන ධජය දිස්වීමට සලස්වා ඇතැයි ගූගල් සමාගම පවසනවා.