මංගල්‍යකට යන අතරේ ගෝඨාභය ‘ජනපති සටනේ’ අවසන් පියවර තබන ලකුණු

කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ඔස්සේ සිය ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කරගැනීම සදහා අයදුම්පත‍්‍රයක් පසුගිය 6 වැනිදා බාර දුන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සතියේ විවාහ මංගලෝත්සවයකට සහභාගීවීම සදහා ලොස් ඇන්ජලිස් නුවර බලා යෑමට නියමිතව තිබෙනවා.

ඔහු ඒ අතරවාරයේම සිය ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කරගැනීමේ කටයුතු අවසන් කරගැනීම සදහා එරට බලධාරීන් ද හමුවන බවයි වාර්තා වන්නේ.

මෙම කි‍්‍රයාවලියට මසකට වඩා වැඩි කාලයක් ගතවනු ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනටමත් දැනුම් දී ඇති අතර ඔහුගේ අපේක්ෂකත්වයට ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගේ ද අනුමැතිය හිමිව තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *