හිටපු ජනපති ගෝඨාභය හෙට තායිලන්තයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (11) දින තායිලන්තය බලායෑමට සූදානමක් පවතින බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරනවා.

ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය සඳහන් කර ඇත්තේ රාජපක්ෂ මහතා, තාවකාලිව එරට කෙටි කාලයක් රැඳී සිටීමට කටයුතු කරනු ඇති බවයි

එමෙන්ම පැවති විරෝධතා හමුවේ ඒ මහතා මාලදිවයින හරහා සිංගප්පුරුවට ගමන් කළ බවත් ජූලි 14 වනදා සිට සිංගප්පූරුවේ රැඳී සිටින බවත් දක්වා තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published.