හිටපු ජනපති ගෝඨාභයට තායිලන්තයේ රැඳී සිටීමට අවසර

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්තයේ තාවකාලිකව රැදී සිටීමට අවශ්‍ය අවසරය ලබා දී ඇති බව තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන් ඕචා පවසනවා.

මානුෂීය පදනමකින් තායිලන්තයේ රැදී සිටීමට අවස්ථාව සලසන බවයි තායි අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත්තේ. තායිලන්තය තුළදී කිසිදු දේශපාලනික ක්‍රියාවකට ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී නොවනු ඇති බවද ඔහු පවසා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජූලි මස 14 වනදා සිංගප්පුරුව බලා ගිය අතර ඔහුට සිංගප්පූරුව තුළ රැදී සිටීමේ කාලය අවසන් වීමත් සමගයි තායිලන්තයේ රැදී සිටීමට අවසර ඉල්ලා සිටින්නේ.

තායි බලධාරින් සදහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීම දේශපාලන රැකවරණ පැතීමක් නොව තාවකාලික රැදී සිටීමක් පමණක් බවයි. තායිලන්ත විදේශ කටයුතු අමාත්‍ය දොන් ප්‍රමුත් විනායි කියා සිටියේ රාජපක්ෂ මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය යටතේ මෙම පැමිණීම සිදුවන බවත් ඔහුට දින 90 ක කාලයක් තායිලන්තයේ රැදී සිටීමට ලැබෙන බවත්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී තායිලන්තයේ බැංකොක් නුවර වෙත ගමන් කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. කෙසේ වෙතත් ඔහු සිංගප්පූරුවෙන් පිටත්වන වේලාව හෝ බැංකොක් නුවරට ළගාවන වේලාව සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් අනාවරණය කර නැහැ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *