මේ අතර ජනපති අපේක්ෂකයෙකු විය හැකි යැයි අනුමාන කරන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන, මීරිගම, දිවුලපිටිය ආසනවල පොහොට්ටු සාමාජිකයින් සහභාගි වන මහජන රැලියක් ඇමතුවේය.
රැලියෙන් පසුව ගම්පහ පළාත් පාලන නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පළාත් පාලන නියෝජිතයින්ට, ගෝඨාභය රාජපක්ෂ මහතා හඳුන්වා දෙමින් මෙසේ පැවසීය.
“මං දන්නවා, හුඟක් අයට හුඟක් ප්‍රශ්න තියෙනවා එතුමාගෙන් අහන්න. ඕනෑ එකක් අහන්න”
එක් මන්ත්‍රීවරයෙකු මෙසේ ඇසුවේ ය.
“ඔබතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනව ද?”
“ඒ සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් අරං නැහැ. කවුද ඉල්ලන්නෙ කියන එක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දී තීරණය කරයි” ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ ය.
“එතකොට අර ද්විත්ව පුරවැසිභාවයට මොකද වෙන්නේ?” තවත් මන්ත්‍රීවරයෙකු ඇසුවේ ය.
“ඒක ඉවත් කරගන්න දැනටමත් පියවර අරං තියෙනවා. ඒක නං ගැටලුවක් වෙන එකක් නැහැ” ඊට පිළිතුරු දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේය.
“ඒ කියන්නෙ ඔබතුමා ලෑස්තියි” තවත් මන්ත්‍රීවරයෙක් පැවසුවේය.
“ඔබතුමන්ලා ලෑස්තිනම් අපිත් ලෑස්තියි” ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.