📷 ගෝඨාභය ක්‍රීඩාංගනේ දැක්වූ පිති හරඹය

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනාවකට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ ඉරිදා (10) දින පැවති යුද්ධ හමුදා සංවත්සර දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූවේය.

එම සංවත්සර සැමරුම් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉදිකළ “ගෝඨාභය රාජපක්‍ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණය“ විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිතුමන් ගජබා රෙජිමේන්තුවේ මේජර් තිසර පෙරේරාගේ පන්දුවකට පිතිහරඹයේ යෙදෙමින් නව ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කළේය. නව තණතීරුවේදි ජනාධිපතිතුමන් මේජර් තිසර පෙරේරාගේ පන්දු හමුවේ පිතිහරඹයේ නිරත වීමෙන් අනතුරුව ක්‍රිකට් පිත්තේ සිය අත්සන තබමින් මෙම අවස්ථාව සනිටුහන් කළේය

ජනපති පදවි ප්‍රප්තියේදී තමන්ගේ නම ගම මෙන්ම රුව ද කිසිවක් සඳහා සඳහන් නොකරන ලෙස දන්වා තිබුනත් මෙම ක්‍රීඩාංගනයට ඔහුගේ නම තබා තිබෙන අයුරු දැක ගන්නට හැකි විය. ඊට ජනපතිගේ විරුද්ධත්වයක් ඇති බවද පෙනෙන්නට නොතිබිණි.

සියළුදෙනාගේ අවධානයට යොමු වූ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් මෙම නව ක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රධාන තණතීරු 05 කින් සහ පැති තණතීරු 04 කින් සමන්විත වේ. නව ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීම සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමන් ක්‍රිකට් පිත්තක් අතැතිව කලකට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ මේජර් තිසර පෙරේරා සමඟින් නව ක්‍රිකට් ක්‍රිඩාංගණය වෙත පිවිසියේය. ඉන් අනතුරුව, නව තණතීරුවේදි අතිගරු ජනාධිපතිතුමන් මේජර් තිසර පෙරේරාගේ පන්දු හමුවේ පිතිහරඹයේ නිරත වීමෙන් අනතුරුව ක්‍රිකට් පිත්තේ සිය අත්සන තබමින් මෙම අවස්ථාව සනිටුහන් කළේය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *