ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව යාපනයේ පිරිසක් පාරට බසී

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව 22 දා දහවල් යාපනයේ විරෝධතාවයක් පැවැත්වුණි.

යුද සමයේදී  අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතී සංගම් කීපයක් එක්ව යාපනයේ ආදීපාද වීදියේ පිහිටි අතුරුදහන් වූවන් පිළිබදව තොරතුරු සොයා බලන කාර්යාලය ඉදිරිපිටදී මේ විරෝධතාවය පැවැත්වුණි.

ඇමරිකාවේ පුරවැසිභාවය ලබා ගෙන බලය ලබා ගැනීම සදහා පුරවැසිභාවය ඉවත් කළ තැනැත්තෙකුගෙන්  තම ප්‍රශ්න වලට විසදුම් ලබා ගත නොහැකි බව කියමින් කෑ කෝ ගැසූ විරෝධතාකරුවෝ යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුගමනය කරණ ක්‍රියා පිළිවෙත කුමක්දැයි විමසා සිටියහ.

අවම වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රතිපත්තියට අනුව  මේ පිහිටුවා ඇති පලක් නොමැති අතුරුදහන් වූවන් පිළිබදව තොරතුරු සොයා බලන කාර්යාලවලට  ඔහු කරන්නේ කුමක්ද යන්න වත් ප්‍රකාශ කළ යුතු බව විරෝධතාකරුවෝ කියා සිටියහ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *