අරගල බිමට ලබාදුන් කාලය අද සවස 5 න් අවසන් – කොටසක් දැනටමත් ගැලවෙයි

ගෝල්ෆේස් අරගල භූමියේ රජයේ ඉඩම්වල බලහත්කාරයෙන් රැදී සිටින පිරිස සදහා ඉවත්ව යාමට දී තිබූ කාලය අද පස්වරු 5 න් අවසන් වනවා.

මේ අනුව අද පෙරවරුවේත් කිහිප දෙනෙකු සිය කූඩාරම් ගලවා ඉවත්කර ගනිමින් අදාළ ස්ථානයෙන් පිටව ගියා.

ගාලුමුවදොර අරගලයට අදට දින 119 ක් වනවා. අරගලකරුවන්ට අද පස්වරු 5 ට පෙර එම ස්ථානයෙන් ඉවත්වන ලෙසට පසුගියදා දැනුම් දුන් පොලීසිය එසේ ඉවත් නොවන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ප්‍රකාශ කළේ.

ඒ අනුව ඊයේ මෙන්ම අද පෙරවරුවේත් පිරිසක් සිය කූඩාරම් ගලවා එම ස්ථානයෙන් පිටව ගියා. අරගල භූමියේ ඉදිකර තිබූ ගෝඨාගෝගම පාසල ද ඉවත් කර ගැණුනා. එමෙන්ම කූඩාරම් කිහිපයක සිටි පිරිස් එම ස්ථානයෙන් ඉවත්ව ගිය අතර තවත් පිරිසක් මෙහි තවදුරටත් රැදී සිටිනවා.

මේ අතර ගාලුමුවදොර අරගලභූමියේ මහජන පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කෙරුණා. මහාසංඝරත්නය මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පෙත්සමට අත්සන් තැබුවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට භාරදීම සදහායි මෙම පෙත්සමට අත්සන් තැබීම ආරම්භ කෙරුණේ.මර්දනයට විරෝධය පල කරමින් පෙත්සම් අත්සන් කිරීමේ ව්‍යාපෘතීය ආරම්භ කළ බව එම අවස්ථාවට එක් වූ පිරිස කියා සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published.