තමාට අයත් බඩු බාහිරාදිය රැගෙන අරගල භූමියෙන් ඉවත්වීමට විනාඩි 15 ක් දෙයි

දින 126 ක් පුරා ගාලු මුවදොර අරගල භූමියෙහි රැදී සිටි අවසන් පිරිස මේ වන විට එම ස්ථානයෙන් ඉවත් වෙමින් සිටිනවා. ඒ පොලීසිය කළ නියෝගයකට අනුවයි.

දින 126 ක් පුරා අරගලය භූමියෙහි රැදී සිටි පිරිස ඉවත් කිරීමට පොලීසිය අද පියවර ගත්තා. අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 95 /1 වගයන්තිය යටතේ සිදු කරනු ලබන අණ කිරීමක් ලෙසයි පොලීසිය මෙම දැනුම්දීම අරගලකරුවන් වෙත ලබා දුන්නේ.

අද දහවල් වහාම එම ස්ථානවලින් ඉවත් වීම සදහා විනාඩි 15 ක පමණ කාලයක් පොලීසිය ඔවුන් වෙත ලබා දුන්නා. කෙසේ වෙතත් අරගලකරුවන් කියා සිටියේ එම ස්ථානයෙන් තමාට අයත් බඩු බාහිරාදිය රැගෙන යාම සදහා යම් කාලයක් අවශ්‍ය බවයි. ඒ අනුව මේ වන විටත් ඔවුන් තම බඩුබාහිරාදිය රැගෙන යමින් සිටිනවා. පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙම ස්ථානයට පැමිණ සිටිනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *