ගෝඨාභයගේ දේශපාලන ආගමනය 8 වෙනිදා ?

එළැඹෙන 08 දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව මහනුවර පොදු වෙළඳ සංකීර්ණයේදී පැවැත්වීමට නියමිත ජන රැළියට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්විමට නියමිතව තිබෙන බවට ප්‍රචාරය කර තිබෙනවා.

එදින ගෝඨාගේ දේශපාලන ආගමනය සිදු වන බවයි එම ප්‍රචාරය ගෙන යන පුද්ගලයන් සඳහන් කර ඇත්තේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මහනුවර පැවැත්වීමට නියමිත දේශපාලන රැළියට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්නොවන බවට ද වාර්තා පළ වනවා.

ඔහු එම රැළියට එක්වෙන බව සඳහන් කරමින් ජනතාව වැඩි වශයෙන් රැළියට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවටයි එම වාර්තා සඳහන් කළේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *