ආණ්ඩුවට සල්ලි නෑ, විදෙස්ගත අය ඩොලර් එවන්න

පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූ නාස්තිය, දූෂණය, හොරකම් හේතුවෙන් ආණ්ඩුව බංකොලොත් වී ඇති බවත් ඒ නිසා ආණ්ඩුවට අවශ්‍ය මුදල් සොයා දීම සියලු දෙනාගේ යුතුකම බවත් නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා.

මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා විදෙස්ගතව රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට මුදල් සොයාදිය හැකි බව පෙන්වා දෙන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හැකි තරම් ශ්‍රී ලංකාවට ඩොලර් එවිය යුතු බවයි. එසේ ඩොලර් එවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බව ද ආනන්ද හිමි පවසනවා.

අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ආනන්ද හිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

මෙරට සිටින දානපතියන් විසින් ඔවුන් සතුව ඇති මුදල් ආණ්ඩුවට පරිත්‍යාග කළයුතු බව පෙන්වා දෙන ආනන්ද හිමි පවසන්නේ එය ජාතික වගකීමක් ලෙස සලකා කටයුතු කළයුතු බවයි.

ආනන්ද හිමි සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ටික කලක් හෝ සියල්ල ඉවසා දරාගෙන පටි තද කරගෙන සිටිය යුතු බවයි. එසේ සිටියහොත් ආණ්ඩුව මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ඒමට හැකියාව ලැබෙන බවත්, ඉන්පසු ජනතාවට සහන ලැබෙන බවත් මුරුත්තෙට්ටුවේ හිමි පවසනවා.

ආනන්ද හිමිගේ මෙම ප්‍රකාශය මේ වනවිට සමාජ ජාලා ඔස්සේ උණසුම් ලෙස සංසරණය වෙමින් තිබේ. ඇතැමුන් පවසන්නේ ජනතාව පටි තදකර ගැනීමට සූදානම් බවයි. එසේම බෞද්ධ විහාරස්ථානවල අධිපති භික්ෂූන් වහන්සේලාද පටි තදකර ගනිමින්, ආණ්ඩුවේ මුල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා ඔවුන් සතු මුදල් ආණ්ඩුවට ලබාදිය යුතු බව ද ඔවුන් පෙන්වා දෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *