විනිසුරුවරුන්ගේ ජංගම දුරකථන ‘පිරික්සන්න’ ආණ්ඩුවේ මන්ත්‍රීවරු සුදානමින්

යහපාලන ආණ්‌ඩුව සමයේ විභාග වූ ආන්දෝලනාත්මක නඩු කටයුතු සඳහා රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය ඇමැතිවරයාට අමතර තවත් මැති ඇමැතිවරුන්ගෙන් ද අධිකරණ විනිසුරුවරුන්ට දුරකථන මගින් බලපෑම් එල්ලවූවේ දැයි කියා සොයා බලන ලෙස අගවිනිසුරු සහ නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට වත්මන් රජයේ මැති ඇමැතිවරුන් කණ්‌ඩායමක්‌ සුදානම් වනවා.

පසුගිය රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනකු ද විනිසුරුවරුන්ට දුරකථන ඇමතුම් ලබාදී බලපෑම් කර ඇති බවට ලැබෙන තොරතුරු අනුව ඒවා තහවුරු කර ගැනීම සඳහා එම ආන්දෝලනාත්මක නඩු විභාග කළ විනිසුරුවරුන්ගේ ජංගම දුරකථන වෙත ලැබුණු ඇමතුම් සම්බන්ධ වාර්තා ලබාගෙන විමර්ශනයක් සිදුකරන ලෙසට මෙම මන්ත‍්‍රීවරුන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ නීතිපති දප්පුල ද ලිවේරා යන මහත්වරුන්ගෙන් ලිඛිතව ඉල්ලා සිටීමට තීරණය කර තිබෙනවා.

සිල් රෙදි නඩුවට හිටපු ජනාධිපති ලේකම්වරයකු වූ ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු වූ අනූෂ පැල්පිට යන මහත්වරුන් රිමාන්ඞ් බන්ධනාගාරගත කිරීම, බැසිල් රාජපක්‍ෂ, නාමල් රාජපක්‍ෂ සහ යෝෂිත රාජපක්‍ෂ යන මහත්වරුන්ට චෝදනා ගොනුකර රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීම, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පැවරූ නඩු සම්බන්ධව සහ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියකු මෙන්ම වත්මන් අගමැති ලේකම් ගාමිණී සෙනරත් මහතාට නඩු පැවරීම, හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනුකර සිරගත කිරීම ඇතුළු ආන්දෝලනාත්මක නඩු තීන්දු ලබාදීමට රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය ඇමැතිවරයාට අමතරව තවත් අමාත්‍යවරු බලපෑම් කර ඇති බවයි මන්ත්‍රීවරු පවසන්නේ.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.