ඉම්රාන් ඛාන් ඉන්දියාව අමතයි – ප්‍රකාශය මෙන්න

ඉන්දියාව සහ පාකිස්තානය අතර මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා.

සිය ප්‍රකාශය පටිගත කිරීමෙන් පසුව ඔහු එය රූපවාහිනීයෙන් විකාශය කරනු ලැබුවා.

එම ප්‍රකාශය මගින් ඔහු ඉන්දියාව ආමන්ත්‍රණය කරනු ලැබුවා.

‘‘අපේ ක්‍රියාමාර්ගයෙන් කියන්නට ඕනෑ කළේ ඔබලාට අපේ රටට එන්න පුළුවන් නම් අපටත් ඔබලාගේ පෙදෙසට එන්න පුළුවන් කියලයි….මේ ක්‍රියාමාර්ගයේදී ඔවුන්ගේ මිග් යානා දෙකක් වෙඩි තබා බිම දැම්මා. ඒත් මෙතැන් සිට අපි අපගේ ඔළුව පාවිච්චි කරලා බුද්ධිමත්ව කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වන්නේ‘.

‘මම ඉන්දියාවෙන් ඉල්ලන්නේ මෙච්චරයි….

ඔබලාගේ තියෙන ආයුධත්, අපට තියෙන ආයුධත් එක්ක, අපි දෙගොල්ලන්ටම වැරදි තීරණයක් ගන්න පුළුවන්. ඒත් මේක ඇවිළිලා ගියොත්, ඒක එතැනින් එහාට මටවත් මෝදිටවත් පාලනය කරන්න පුළුවන් එකක් නෙමේ‘

ඒ නිසා සාකච්ඡා සඳහා එන්න කියා මා ඔබට ආරාධනා කරනවා. අවබෝධයෙන් ක්‍රියා කිරීම වඩාත් හොඳයි කියා මා හිතනවා“

සම්පූර්ණ ප්‍රකාශයේ වීඩියෝව පහතින් නරඹන්න

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *