පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීමට ජනපති එකඟතාව

පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (20) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති දරුවන් සුරකිමු, ජාතික වැඩසටහනේ කොළඹ දිස්ති‍්‍රක් සමුළුව අමතමින් සඳහන් කර තිබෙනවා.

05 වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප‍්‍රධාන කඩඉමක් නොවන අතර එහිදී දරුවන්ට සිදුවන මානසික බලපෑම පිළිබඳ සියලූදෙනාගෙ අවධානය යොමු විය යුතු බව ද එහිදී ජනාධිපතිතුමා සඳහන් කරනු ලැබුවා.

සමාජය තුළ දැනට පැතිර පවතින විවිධ ව්‍යසනයන්ගෙන් දරු පරපුර ආරක්ෂා කර ගැනීම ප‍්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස හදුනාගෙන අපයෝජනය හා අපහරණය වැළැක්වීම, ආරක්ෂාව තහවුරු කිරීම සෞඛ්‍ය පෝෂණය හා සුබසාධනය, පෞරුෂ සංවර්ධනය අධ්‍යාපන හා ජීවන කුසලතා නැංවීම යන පස්වැදෑරුම් අංශ ඔස්සේ මෙම වැඩසටහන දීප ව්‍යාප්ත ව කි‍්‍රයාවට නංවා තිබෙනවා.

මේ යටතේ සෞඛ්‍ය, අධ්‍යාපන, මනෝ උපදේශන සහ නීති උපදේශන ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාවක් ඔස්සේ දරුවන් වෙනුවෙන් වැඩසටහන් කි‍්‍රයාත්මකයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *