දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් නායකයා ‘ලංකාව ජය ගැනීමෙන් පසුව’ එවූ පණිවිඩය

සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ලබාගත් වාර්තාගත ටෙස්ට් ජයග්‍රහණය සම්බන්ධයෙන් දෙස් විදෙස් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ක්‍රිකට් විස්තර විචාරකයන් තම ශුභ පැතුම් ට්විටර් පණිවුඩ ශ්‍රී ලංකා කණඩායමට එක්කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, රංගන හේරත්, ෆර්විස් මහරුෆ් මෙන්ම ඇන්ජලෝ මැතිව්ස් මෙසේ ශුභ පැතුම් යවා ඇති අතර ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයන් වන රසල් ආර්නල්ඩ්, හර්ෂා බෝග්ලේ සහ රොෂාන් අබේසිංහ ද ශ්‍රී ලංකා ජයග්‍රහණයට සුබ පැතුම් එක්කළා.

තවද දකුණු අප්‍රිකා කණ්ඩායමේ හිටපු නායක ග්‍රැහැම් ස්මිත් සහ කලක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙසින් කටයුතු කළ ටොම් මූඩිද මෙසේ ‘ට්විටර්’ පණිවුඩ ඔස්සේ ශ්‍රී ලංකාවට සුබ පැතුම් එවූ පිරිසට ඇතුළත් වීම විශේෂත්වයක්.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන කුමාර් සංගක්කාර සිය නිල ‘ට්විටර්’ ගිණුම ඔස්සේ සුබ පැතුම් එක් කරමින් පවසා ඇත්තේ මෙතෙක් කලකට ශ්‍රී ලංකා කණ්ඩායමකට ළඟා විය නොහැකි වූ ඉලක්කයකට ළඟා වීම සම්බන්ධයෙන් වර්තමාන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට සිය උණුසුම් සුබ පැතුම් එක් කරන බවයි.

තවද ක්‍රීඩකයන්, පුහුණු කාර්ය මණ්ඩලය සහ කළමනාකරණය දැඩි පීඩනයක පසුවූ මෙවන් මොහොතක කණ්ඩායමේ සියල්ලන් දැක්වූ දක්ෂ ක්‍රීඩා විලාසය ඉතාමත් සුවිශේෂී කරුණක් බවත් සඳහන් කර ඇති අතර එමෙන්ම මෙම ආත්ම විශ්වාසය සහ සටන්කාමිත්වය ඉදිරියටත් පවත්වාගත යුතු බව ද සංගක්කාර වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන සිය නිල ‘ට්විටර්’ ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ කණ්ඩායම් හැඟීමෙන් යුතුව ලබා ගත් මෙම සුවිශේෂී ජයග්‍රහණය සම්බන්ධයෙන් ආඩම්බර වන බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *