මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ණය ගෙවා නෑ.. නොගෙවුවොත් දේපළ විකුණන්න උසාවියෙන් නියෝග

පෑන්ඒෂියා බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක ණය මුදල් නොගෙවුවොත් හිටපු මුදල් ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි ඔහුට අයත් දේපොළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා මුදල් අයකර ගන්නා ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අශාන් මරික්කාර් මහතා නියම කළා.

තමා අත්සන් කරනුයේ උකස්කරයකට බව නොදැන යම් ලේඛනයකට අත්සන් කළ බවට බන්දුල ගුණවර්ධන මහතා පැවසුවද ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වූ බන්දුල ගුණවර්ධන මහතා වැන්නකු තමා නොදැන යම් ලේඛනයකට අත්සන්කෙළේ යැයි පවසන කරුණු පිළිගත නොහැකි බව තීන්දු කරමින් විනිසුරුවරයා එම නියෝගය නිකුත් කර සිටියා.

බැංකු අයිරාවක් හා ණය වශයෙන් ලබාගත් මුදල් බන්දුල ගුණවර්ධන මහතා විසින් නොගෙවුවොත් ඔහුට අයත් දේපොළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙසට මහාධිකරණ විනිසුරුවරයා නියම කළා.

මුදල් හා ඊට අදාළ පොලී මුදල් උපයා ගැනීම සඳහා පෑන්ඒෂියා බෑන්කින් කෝපරේෂන් ආයතනය විසින් මහරගම නාවින්න හයිලෙවල් පාරේ අල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගම හා නුගේගොඩ ගංගොඩවිල ජම්බුගස්මුල්ල මාවතේ අංක 28 දරන ස්ථානයේ පදිංචි බන්දුල ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *