පකිස්ථානයේ සුපිරි හෝටලයක වෙඩි තැබීමක්

පකිස්ථානයේ බොලොකිස්ථාන් ප්‍රාන්තයේ සුපිරි හෝටලයක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ආයුධ සන්නද්ධව හෝටලයට කඩා වැදුනු පුද්ගලයන් තුන් දෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ආරක්ෂක අංශ එම ස්ථානයට පැමිණ ඇති අතර තවදුරටත් හෝටලය අවට වෙඩි තැබීම් සිදුවන බව සඳහන්.

කෙසේවෙතත් හෝටලයට පැමිණි අමුත්තන් ඇතුලු සංචාරකයන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව පකිස්ථාන ආරක්ෂක අංශ ප්‍රකාශ කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *