ප්‍රවීන සංගීත අධ්‍යක්ෂ එච්. එම්. ජයවර්ධන මහතාගේ දේහය අද (08) පස්වරුවේ සිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තබන බව ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් මහතා පවසනවා.
අවසන් කටයුතු අප්‍රේල් 10 වන බදාදා සවස 3ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කරන බවයි ඔහු දැනුම් දෙන්නේ.
මේ අතර පසුගිය දා ප්‍රවීන සංගීත අධ්‍යක්ෂ එච්. එම්. ජයවර්ධන මහතා රෝගීව සිටින අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් සමාජ ජාල මාධ්‍ය වෙත යොමු කර තිබු අතර එය සම්බන්ධයෙන් විශාල කතාබහක් මේ වනවිටත් ඇතිව තිබෙනවා.
ඇතැමුන් එම ඡායාරූපය යොදා ගනිමින් එච්. එම්. ජයවර්ධන මහතාගේ පුත් කසුන් කල්හාරට එරෙහිව අදහස් පළකරමින් ඔහු තම පියාණන්ට නොසලකන බවට චෝදනා කර තිබුණා.
එහෙත් මේ සම්බන්ධයෙන් ඇතැමුන් අදහස් දක්වමින් කසුන් එවැන්නකු නොවන බවත් පවසමින් අදාළ ඡායාරූපය ලබාගත් පුද්ගලයාව විවේචනයට ලක් කර තිබුණ අතර ශල්‍යකර්මයකින් පසුව රෝහලේ සුව වෙමින් සිටි සුමින්ද සිරිසේන මහතා හදිසියේම මියගිය බව සඳහන් කරමින් ව්‍යාජ පුවතක් පළමුවෙන්ම ජනතාව අතරට ගෙන ගියේද එම ඡායාරූපය ගත් පුද්ගලයා බවයි ඇතැමුන් සඳහන් කර තිබුණේ.
මේ අතර උපුල් ශාන්ත සන්නස්ගලයන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පසුගිය දා සඳහන් කර තිබුණේ මෙලෙසයි
“වේදනාකාරී අවස්ථාවක පසුවන එච්. එම්. ජයවර්ධනගේ ඡායාරූපයක් ගත් අධම මිනිසෙක් එය මුහුණු පොතේ ශෙයා කරමින් සිටී. එය පසුබිම් කොටගෙන මානුෂවාදී ලෙස පෙනෙන ගොන් කතා ඕපදූප සහ මඩ පෝස්ටු නිර්මාණය කරමින් සිටිනු පෙනේ.”
අදාළ ෆේස්බුක් සටහන් පහතින් දැක්වෙනවා.