තුලාව පැත්තක් පාතයි..දුප්පත් අපට දෙවි පිහිටයි”-සමුගැනීමට පෙර ආන්දෝලනාත්මක නිර්මාණයක

එච්.එම්.ජයවර්ධන සූරීන් ජීවිතයෙන් සමුගැනීමට පෙර රන්ජන් රාමනායක මහතාට ගීත දෙකක් නිර්මාණය කර දී තිබෙනවා.

මේවනවිට නීතියට අභියෝග කිරීම නිසා අධිකරණය හමුවට පමුණුවා සිටින රන්ජන් රාමනායකයන් එම ගීත දෙකම පදරචනය කරමින් ගායනා කරන අතර සංගීතය නිර්මාණය කර ඇත්තේ ඊයේ (8) ජිවිතයෙන් සමුගත් එච්.එම්.ජයවර්ධන මහතායි.

මෙම ගීත අතරින් එක් ගීතයකින් අභියෝග කර ඇත්තේ අධිකරණයේ තීරණ පිළිබඳවයි.

ආවෙමි මම නුඹේ සරණ පතාගෙන
නුඹ සිටියේ ඇස් දෙකම වසාගෙන
අතේ තිබුණ අසිපත දැක්කා මම
තුලාව නම් තේරුනෙ නෑ මා හට

යුෂ්මතා කියලා සද්දෙන් කිව්වා
ඉංගිරිසියෙන් මොනවද කිව්වා
බඩගින්නට කොස් ගෙඩියක් කැඩුවට
අවුරුදු දෙකකට දඟ ගෙට යැව්වා

කෝටි ගණන් හොරකම් කළ ඇමතිට
ඇප නම් ලැබුණා සැණකින් අගේට
නිදහස් වුන ඒ ඇමතිව වට කර
ජය ගොස නැගුවා දහසක් වහලුන්

හිතුවේ නීතියෙ දෙවඟන කියලයි
තේරුනෙ අද නුඹ ඇත්තෙන් අන්ධයි
තුලාව නම් එක පැත්තක් පාතයි
දුප්පත් අප හට දෙවියන් පිහිටයි’

යනුවෙන් එක් ගීතයක පදවැල ලියැවී තිබෙනවා.

මෙම ගීත දෙක ගායනා කරමින් රන්ජන් රාමනායකයන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ එච්.එම්.ජයවර්ධන සූරීන්ගේ වියෝව පිළිබඳව සිය කණගාටුව පල කර තිබෙනවා.

එම ගීත පහතින් නැරඹිය හැකියි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *