මෙගාවොට් 03 ක විදුලිය බල ධාරිතාවයක් ජාතික පද්ධතියට එකතු කල හම්බන්තොට සුළං විදුලි බලාගාරයේ සුළං පෙති ගලවා දමා තිබෙනවා.
මාස පහක් පමන ගත වුවත් එම සුළං පෙති වෙනත් ස්ථානයක සවිකිරීමට මෙතෙක් කිසිදු පියවරක් නොගැනීමෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 3 ක විදුලිබල ධාරිතාවය අහිමි වී ඇති බව විදුලි සේවකයෝ පෙන්වා දෙනවා.
නියාමක විදුලි බලාගාරයක් ලෙස හම්බන්තොට සුළං විදුලි බලාගාරය මීට වසර තිහකට පමණ පෙර හම්බන්තොට කරගම් ලේවාව ඉහළ කොටසේ ඉදිකර තිබුණා.
වරාය ආරම්භ කර සේවා කටයුතු පවත්වාගෙන ගියද සුළං විදුලි බලාගාරයෙන් ජාතික පද්ධතියට විදුලිය එකතු කිරීම සුපුරුදු පරිදි සිදුවුණා.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය චීන සමාගමකට බදු දීමෙන් පසුව වරාය පරිශ්‍රයේ පිහිටි සුළං පෙති ඉවත් කරගන්නා ලෙස දැනුම් දීමෙන් පසු මීට මාස පහකට පමණ පෙර සුළං පෙති යන්ත්‍ර 05 ම ගලවා ඉවත් කර ගැනීම විදුලි බල මණ්ඩලය මගින් සිදු කරනු ලැබ තිබුණා.
මේ සම්බන්දයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්ති අධිකාරිය පවසන්නේ මෙය විදුලිබල මණ්ඩලයට අයත් බවත් සිය ආයතනය යටතට පවරා ගැනීමේ බලාපොරොත්තුවක් ඇති බවයි.