හඳුන්නෙත්තිව ජනාධිපති කොමිසමට කැඳවීම නවත්වයි – කතානායක ජවිපෙ හිටපු මන්ත්‍රී වෙනුවෙන් පෙනී සිටී

සිය අවසරයකින් තොරව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා සඳහා කෝප් කමිටු සාමාජිකයින් කැඳවිය නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (27) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.

ඒ, හිටපු කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්තිට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් හමුවේ පෙනී සිටින ලෙස කර ඇති දැනුම් දීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් කෝප් කමිටුව සිදු කළ විමර්ශනයට අදාළව එම කැඳවීම සිදු කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක එහිදී කියා සිටියේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *