තරුණියගේ ගෙල කපා කොමඩ් එකට සෝදා හැර ඇති බවට නිරීක්ෂණ

රටේ කථාබහට ලක්වූ හංවැල්ලේ අනියම් පෙම්වතිය ඝාතනය කළ උප පොලිස් පරීක්ෂකවරයා එය සිදු කළ ආකාරය ගැන ඔහු නැවතී සිටි නවාතැන් කාමරයේදී ඊයේ ඇරඹීණි. මෙම හෝටලය මේ නිසා දින 3 ක් සඳහා වසා දමා ඇති අතර ස්ථානීය නඩු සාක්ෂි ලබාගැනීම කණ්ඩායම් කිහිපයක් මගින් සිදු කෙරේ.

ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් (SOCO) හෝටලයේ කාමරයට විශේෂිත රසායනික ද්‍රව්‍යක් යොදා කළ පරීක්ෂාවේදී වැසිකිළි පෝච්චියේ වතුර බැසයන ස්ථානයක වොෂ් බේසින් එක හා කොමඩ් හැඩලයේ ලේ තිබී හමු වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවැසීය. පහරදීමකින් මියගිය පසු හිස කඳින් වෙන්කර පිටව යන රුධිරය වැසිකිළි වළ තුළට යන සේ තබා ඇතැයි පොලිසිය පවසයි.
තරුණියගේ උරහිසේ ඇති තැලුම් තුවාලය අනුව ඇය පහරකෑමට ලක්ව ඇතැයි මේ සිද්ධියේදී පොලිසිය සැක පහළ කරයි.

සැකකාර උප පොලිස් පරීක්ෂක ප්‍රේමසිරි 1 වැනිදා උදෑසන 9.00ට හංවැල්ල නගරයේ වූ අලෙවිසලකට ගොස් රුපියල් 6250ක් ගෙවා ට්‍රැවලින් බෑගයක් රැගෙන එන අයුරු සී.සී.ටී.වී. දර්ශනවලින් සොයාගැනීමට සමත් වී ඇත. මෙම තරුණියගේ ගෙල කැපීමට යොදාගත් පිහියද හංවැල්ල නගරයේ පොළේ පිහි විකුණන තැනකින් මිලදී ගෙන ඇත. සැකකරු හංවැල්ල නගරයෙන් කඹයක් මිලදී ගැනීමටද සොයා ඇති නමුත් මිලට ගැනීමක් කර නැති බවද පරීක්ෂණවලදී හෙළි වී ඇත.

බෑගයට සිරුර දමාගත් පසු ඔහුගේ කරේ එල්ලාගෙන ගිය බෑගයේ හිස රැගෙන යන්නට ඇතැයි විශ්වාස කරන අතර ඝාතනය වූ තරුණියගේ සිරුර සහිත බෑගය වේල්ලවීදියේ දමා යද්දිත් සැකකරුගේ පිටේ වූ බෑගය තිබී ඇත.

එහෙත් ඔහු එදිනම බඩල්කුඹුර නිවසට යන විට බෑගයක් නොතිබුණු බව බිරිඳගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී තිබේ. මොහු අතරමගදී බෑගය විසිකර දමායන්නට ඇතැයි සැකකෙරේ.

හංවැල්ල නගරයේ තිබී පෙරේදා (2 වැනිදා) සොයාගත් යට ඇඳුම් සහිත ගමන් බෑගයේ තිබූ ඇඳුම් තම නැගණිය වූ දිලිණි යසෝධාගේ බව ඝාතනයට ලක්වූ තරුණියගේ සොයුරා වන ප්‍රභාත් ජයසූරිය හඳුනාගෙන ඇත.

ඔහු තම නැගණියගේ සිරුර හඳුනාගත්තද තරුණියගේ මවගේ ඩී.එන්.ඒ. සාම්පලයක් ගෙන ඩී.එන්.ඒ. පරීක්ෂාවක් කරන තුරු පශ්චාත් මරණ පරීක්ෂණය කල් දමා තිබිණි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *