දුවයි පුතයි අකුරට යන දා ‘පෙම්බර තාත්තා’ උඩු ගුවනේ දිවි පිදුවා – හපුතලෙන් වාතලයට නැගෙන දුක් කඳුළු

හපුතලේ ගුවන් අනතුරෙන් දිවි පිදු ගුවන් හමුදා සාමාජිකයන් පිළිබඳව තොරතුරු රැසක් TRUENEWS.LK වෙත වාර්තා වනවා.

එහි ප්‍රධාන ගුවන් නියමු බුද්ධි වීබැද්ද මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ කීර්තිමත් ආදී සිසුවෙකි.

ඔහු ගුවන් ගමන් පැය 3000කට වඩා පියාසර කර තිබුණා.

එම යානයේ ගුවන් ගමන් සහයක ලංකා කුලතුංග 28 හැවිරිදි වියේ පසුවූ අතර ඔහු මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී සිසුවකු වනවා.

ඔහු කොතලාවල 30 වන කණ්ඩායමේ සමාජකයෙකු වූ වුණා.

ලංකා කුලතුංග ලබන මස විවාහ දිවියට ඇතුළත්වීමටයි නියමිතව සිටියේ.

මෙහි නිරීක්ෂකයන් ලෙස කටයුතු කළ නායක ගුවන් භට හෙට්ටිආරච්චි සහ ගුවන් සැරයන් කුමාර ද ගුවන් හමුදාව වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ දෙදෙනෙකි.

37 හැවිරිදි ගුවන් සැරයන් DWRW කුමාර තිස්සමහාරාම රබර්වත්ත ප්‍රදේශයේ පදිංචි ව සිටි දෙදරු පියෙකි.

ඔහු වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිදුකරන අවසන් රාජකාරිය ලෙස ඊයේ (03) සේවය සඳහා පිටව ගිය බවත් එළඹෙන 6 වනදා සිට වෙනත් කඳවුරක් වෙත අනියුක්ත කර ඇති බවත් පවුලේ ඥාතීන් පවසනවා.

ඔහුගේ දියණිය පෙරපාසල වෙත ද පුතණුවන් පළමුවන ශ්‍රේණිය වෙත ද ඇතුළත් කිරීම සිදුව ඇත්තේ ද ඊයේ දිනයේදීයි.

මුරුතමුල්ල තෙලිජ්ජවිල පදිංචිව සිටි  30 හැවිරිදි නායක ගුවන් භට L.A.C. හෙට්ටිආරච්චිටද විවාහක අයෙක් වනවා.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.