පෙත්සම ඉල්ලා අස් කරගත් හරීන්

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කරගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනුනු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට එරෙහි විමර්ශන අවසන් කරන ලෙස නීතිපතිවරයා පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ හේතුවෙන් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ.

එම පෙත්සම පසුගිය 13 වනදා කැදවූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය සිදුකරන විමර්ශන ගොනු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එම විමර්ශන අවසන් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දුන් බවයි.

ඒ අනුව පෙත්සම අද කැඳවූ අවස්ථාවේ එය තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව ප්‍රකාශ කළ හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි ඉල්ලීමක් කළා.

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් විනිසුරු මඩුල්ල පසුව එය නිශ්ප්‍රභ කිරීමට තීරණය කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *