හරීන් ‘නොට්ටිගේ පුතා’ ලු

හරින් ප්‍රනාන්දු නිරත වී සිටින්නේ කාවින්ද ජයවර්ධනගේ ඡන්ද ප්‍රමාණය අඩුකර මහ මැතිවරණය පරාජය කිරීමේ ක්‍රියාදාමයක බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපැයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

එසේ කාවින්ද ජයවර්ධන පරාජය කිරීමට හැකි එකම ක්‍රමවේදය කතෝලික ජනතාවගේ අප්‍රසාදය පළ කෙරෙන ප්‍රකාශ නිකුත් කිරීම බවත් ඊට හේතුව හරින් ප්‍රනාන්දු ගම්පහ ජාතික ලැයිස්තුවෙන් සමගි ජන බලවේගය ඉදිරිපත් කර තිබීම බවත්, ඇමැතිවරයා අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

කාවින්ද ජයවර්ධන එම දිස්ත්‍රික්කයෙන් පරාජය කිරීමට දිගු කාලයක සිට සමගි ජන බලවේගය විසින් කටයුතු කරන බවත්, එහිදී සෘජුවම හරින් ප්‍රනාන්දු මහතා කටයුතු කරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා පසුගිය කාලයේ කාවින්ද සම්බන්ධ කර පැමිණි වීඩියෝ දර්ශනයද මෙලෙස මැතිවරණය පරාජය කිරීමේ අරමුණ ඇතිව සිදුකළ කුමන්ත්‍රණයක් බවද හෙළිවෙමින් පවතින බවත් සඳහන් කරනවා.

මෙවැනි ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධව හරින්ගේ පියා සිටියේ නම් අප්‍රසාදය පළ කිරීමට ඉඩ තිබූ බවත් මේ මොහොතේ හරින් ප්‍රනාන්දුගේ පියා නැති වීම නිසා ‘නොට්ටිගේ’ පුතා වී ඇතැයිද විමල් වීරවංශ ඇමැතිවරයා පැවසුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *