පරාජය වූ ශ්‍රී ලංකා පිළට ක්‍රීඩා ඇමති සුබ පතලා !

ටෙස්ට් තරඟ දෙක ජයග්‍රහණයෙන් අනතුරුව එක්දින තරඟාවලිය 5ට බින්දුවක් ලෙස පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (19) තරඟයේ ජයග්‍රහණය අතහැරී යෑම අවාසනාවක් බව ක්‍රීඩා විචාරකයන් පවසනවා.

බොහෝ පිරිස් සමාජ මාධ්‍ය හරහා සමහර ක්‍රීඩකයින් උපහාසයට ලක් කර තිබියදී ක්‍රීඩා අමාත්‍යවරයා ද ෆේස්බුක් සටහනක් තබා තිබුණා.

ෆේස්බුක් ඔස්සේ සටහනක් තබමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිදු කර තිබුණේ පරාජය වුව ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සුබ පැතීමයි.

“කොල්ලනේ නියමයි. එකක් මතක තියාගන්න, අපි අවසානය තෙක් සටන් වදින්නෙමු. ශ්‍රී ලංකාව ඔබ සමගයි! මම අනෙක් අය ගැන දන්නේ නැහැ. නමුත් මම ඔබ ගැන අතිශය ආඩම්බර වෙනවා.” යනුවෙන් ඔහු සඳහන් කර තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *