ලංකාවේ උපන් එංගලන්ත නගරාධිපතිනියට ‘ලංකාව නිසා’ තනතුරෙන් ඉවත්වන ලෙසට බලපෑම්

එංගලන්තයේ හැරෝව් නගරයේ නගරාධිපති ලෙස පත්වූ ශ්‍රී ලංකාවේ උපන් කරීමා මරිකාර් මහත්මියට එම තනතුරෙන් ඉවත්වන ලෙසට බලපෑම් එල්ල වී ඇතැයි එංගලන්ත මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඇය පසුගිය වසරේ අවසන් කාලයේදී ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වූ අතර එහිදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ඉහළ පෙළේ නිලධාරීන් සමගද සාකච්ඡා පැවැත්වීමට කටයුතු කළා.

මෙම හමුවීම් සඳහා විරෝධය දක්වමින් හැරෝව් නුවර සිටින දමිළ ජනතාව ඇයට සිය ධුරයෙන් ඉවත්වන ලෙසට සඳහන් කරමින් සිටින බව එරට මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

ඇය ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානයක, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් සමග සාකච්චා පවත්වමින් ශ්‍රි ලංකාවේ යුද්ධය අවසන් කිරීමට කළ දායකත්වය ඇගයීමට ලක්කිරීමට කටයුතු කර තිබුණා.

ඇයට විරෝධය දක්වමින් අත්සන් 49කින් යුත් පෙත්සමක්ද හැරෝව් නගරසභාවට ඉදිරිපත් කර තිබෙනවා.

මරිකාර් පසුගිය මැයි මාසයේදී හැරෝව් නගරාධිපති ලෙස තේරී පත්වූ අතර ඇය අවුරුදු 28ක් එංගලන්තයේ වාසය කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *