හෂීම් අම්ලා ජාත්‍යන්තර පිටියට සමුදෙයි

දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු හෂීම් අම්ලා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම ඊයේ දිනයේ නිළ වශයෙන් නිවේදනය කළා. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන විට අම්ලා ටෙස්ට් තරඟ 124ක් සහ එක්දින ජාත්‍යන්තර තරඟ 181කටත් 20-20 තරඟ 44කට ද ක්‍රීඩා කර තිබුණා.

අම්ලා අවසන් වශයෙන් සහභාගී වූයේ පසුගියදා අවසන් වූ ලෝක කුසලාන තරඟාවලියටයි.

අම්ලාගේ තීරණය තහවුරු කරමින් එරට ක්‍රිකට් ආයතනයද ට්විටර් පණිවිඩයක් තබා තිබෙනවා.

ජාත්‍යන්තර පිටියට සමු දුන්නද අම්ලා තවදුරටත් අභ්‍යන්තර ක්‍රිකට් තරඟ වලට සහභාගී වනු ඇති බව දැන ගන්නට ලැබෙනවා.