දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ අතර තුන්වන සහ අවසන් 20 යි 20 ක්‍රිකට් තරගය ජොහැනස්බර්ග්හිදී අද (24) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 06.00ට ආරම්භ වීමට නියමිතයි.
අද තරගයේදී ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවනු ඇති බවටයි වාර්තා වන්නේ .
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට ටොම් මූඩි පත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි ඉකුත් දා මාධ්‍ය වාර්තා පළ වුවද චන්දික හතුරුසිංහ එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ ද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යැවීම් උපදේශකයෙකු ලෙස හිටපු සුපිරි දඟ පන්දු යවන්නෙකු වන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහය ලබා ගැනීම කෙරෙහි ද ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.