පාර්ලිමේන්තුවට උල් කතුරක් රැගෙන ඇවිත් – තිදෙනෙක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුවට උල් කතුරක් රැගෙන ආ බව කියන රජයේ මුද්‍රණාලයේ සේවකයෝ තිදෙනෙක් පාර්ලිමේන්තු පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා වැලිකඩ පොලිසියට ඊයේ (22) බාර දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් එම සේවකයන් තිදෙනාගෙන් ප්‍රශ්න කරගෙන යන බව වැලිකඩ පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළා.

මේ උල් කතුර හමුවී ඇත්තේ එම සේවකයන් විසින් පාර්ලිමේන්තුවට රැගෙන එනු ලැබූ ලිපිද්‍රව්‍ය පාර්සලයක් ඇතුළේ තිබියදී.

මේ පාර්සල් එක්ස්රේ පරික්ෂණ යන්ත්‍ර මගින් පරික්ෂා කිරීමේදී උල් කතුර දැක ගන්නට ලැබී ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබුණා.

මේ පාර්සල් රජයේ මුද්‍රණාලයේ දී සැකසූ සේවකයන්ගෙන් ද අද (23) ප්‍රකාශ සටහන් කරගන්නා බව පොලිසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මියගෙන් කළ විමසුමක දී ඇය සඳහන් කළේ මේ සිද්ධිය තමාට පොලිසියෙන් දැනුම් දී ඇති බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *