පොදු ප්‍රවාහනය තවත් කල් දමන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලයි

කොවිඩ් -19 රෝගය සැලකිය යුතු ලෙස පාලනය කරන තෙක් පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම තවදුරටත් කල්දැමිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසුවේය.

පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම රෝගය යළි පැතිරීමට දැඩිව හේතුවිය හැකි බවද පසුගිය සති අන්තයේ විවිධ ප්‍රදේශවල දක්නට ලැබුණු ජන ඒකරාශීවීම්, නැවත රටේ කොවිඩ් ව්‍යාප්තිය වර්ධනය විමට හේතුවක් විය හැකි බව ද සෞඛ්‍ය අංශ පවසයි.

එම නිසා ඉදිරියේදී හෝ වඩාත් වගකීමෙන් යුතුව හැසිරෙන ලෙස නියෝජ්‍ය්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉල්ලා සිටියේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *