ඇතැම් ප්‍රදේශ වලට තවදුරටත් තද වැසි

සබරගමුව සහ මධ්‍යම පළාත් වලට විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරනවා.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල වැසි වාර කිකිපයක් ඇතිවිය හැක.

දිවයිනේ බස්නාහිර, නිරිත දිග සහ දකුණු වෙරළබඩ තීරවල සුළගේ වේගය පැයට කිලෝමීටර 70 ත් 80 ත් දක්වා වැඩි විය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල හෙට පෙරවරුව වන තෙක් ධිවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව ඉල්ලීමක් කරනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *