“මධුෂ්ගේ පියාගේ අවමගුල LIVE පෙන්නූවා.. දියමන්ති කොල්ලයට ඉහළ තාක්ෂණය දුන්නා “- තාක්ෂණික සහකරු කියන කතාව

මාකදුරේ මධුෂ්ගේ පියාගේ අවමගුල සූරියවැව පැවැත්වෙද්දී වයිෆයි තාක්ෂණයෙන් මළ ගෙදර කටයුතු සජීවීව ඩුබායි සිටි මධුෂ්ට දැක බලා ගන්නට ඉඩ සලස්වා ඇත්තේ කඩුවෙල වැලිහිඳ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හේමාල් රංජන නැමැති 28 හැවිරිදි පුද්ගලයා බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

ජංගම දුරකතන සහ උපාංග අලෙවි ස්ථානයක් පවත්වාගෙන යන හේමාල් රංජන පන්නිපිටියේ දියමන්ති මංකොල්ලයට සම්බන්ධ කැළුම් නැමැති සැකකරුගේ සහෝදරයාගේ පුත්‍රයායි..

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඔහුව පසුගිය 01 වෙනිදා පෑලියගොඩදී දියමන්ති කොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවෙක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කසුන් සඳරුවන් නැමැති එම සැකකරුද කඩුවෙල රනාලේ පදිංචිකරුවෙක් වන අතර මාකදුරේ මධුෂ් ඩුබායි සිට අපරාධ සංවිධාන කරන විට ඒ සඳහා ගෝලබාලයන්ට ජංගම දුරකතන කැළුම් විසින් මිලදී ගෙන ඇත්තේ ඔහු මගිනියි.

සතියකට දෙකකට වරක් එසේ ජංගම දුරකතන පහක් හයක් සිය බාප්පා විසින් මිලදී ගන්නා බව ප්‍රශ්ණ කිරීම් හමුවේ හේමාල් නැමැති සැකකරු පවසා ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළා.

දියමන්ති කොල්ලයට ඕස්ට්‍රියා ජාතිකයා ඇතුළු එම කොල්ලයට සම්බන්ධ වූවන්ව නිරීක්ෂණය කරන්නට නවතම පහසුකම් සහිත ජංගම දුරකතන කිහිපයක් පවා යොදා ගනිමින් තාක්ෂණය ඉහළින්ම යොදාගෙන තිබුණු බවද අනාවරණය වී තිබෙනවා.

එම තාක්ෂණික සහය ලබාදී ඇත්තේ හේමාල් විසින් බව ප්‍රශ්ණ කිරීම් වලදී අනාවරණය වී ඇති බවය් වාර්තා වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *