ගම්පහ ඇඳිරි නීතිය ඉවත් කිරීමට අධීක්ෂණය කරන ප්‍රදේශ මෙන්න

දැඩි අධීක්ෂණය යටතේ පැවති ඇතැම් ප්‍රදේශවල රෝගීන් වාර්තා නොවීම අනුව නිරෝධායන ඇඳිරි නීතිය ඉවත්කිරීමට හැකියාවක් පවතින බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

ඒ අනුව කොරෝනා ආසාදිතයන් වාර්තානොවන වේයන්ගොඩ ඇතැම් පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත්කිරීමට අවශ්‍ය කරුණු අධීක්ෂණය කරමින් සිටින බවද යුද හමුදාපතිවරයා පැවසුවා.

ඇතැම් ප්‍රදේශවල  ඇඳිරි නීතිය පනවා නොතිබුණද අත්‍යාවශ්‍ය කරුණකට හැරුණුකොට දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන් කිරීමෙන් වැළකී සිටින ලෙස යුද හමුදාපතිවරයා ඉල්ලා සිටිනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *