හිතුමතේ ගොඩනැගිලි හදන්න බෑ..හිතුමතේ වාහන නවත්වන්න බෑ – ජනපති ඇමති ලන්සාගේ අමාත්‍යංශ සාකච්ඡාවේදී ගත් තීන්දු මෙන්න(PHOTOS)

ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් ලක්ෂයේ ඉදිකිරීම් 2024දී අවසන් කර ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීමේ වගකීම ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව වගකීම් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී නිලධාරීන්ට පවරනු ලැබුවා.

ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු ද මේ අවස්ථාවට එක්වුණා.

කුඩා පාලම්, වැල් පාලම් සහ ඒදඬු වෙනුවට නව පාලම් ඉදි කළ යුත අතර ගත වූ මාස කිහිපය තුළ මාර්ග කි.මි 8,000ක වැඩ අරඹා තිබෙනවා.ඉන් මාර්ග කි.මි 400ක ඉදිකිරීම් සම්පූර්ණයෙන් නිම කර අවසන් බව අමාත්‍ය ලන්සා මෙහිදී පෙන්වා දුන්නා.

ප්‍රධාන මහා මාර්ග දෙපස විවිධ වර්ගවල පැළ මිලියන 02ක් රෝපණය කිරීමට ද අද සාකච්ඡාවේ දී තීරණය කෙරුණා.

ඉදිකිරීම් වැඩට කිසිදු බාධාවක් සහ ප්‍රමාදයක් ඇතිවීමට ඉඩ නොතැබිය යුතු බව එහිදී අවධාරණය කළ අතර මාර්ග ඉදිකිරීම් අධීක්ෂණය රජය සහ කොන්ත්‍රාත්කරු යන පාර්ශ්ව දෙකෙන්ම විය යුතු බව අවධාරණය කෙරුණා. උප කොන්ත්‍රාත්දීමට කිසිවිටෙකත් ඉඩ නොදිය යුතු බවද මෙහිදී සඳහන් වුණා.

සියලු ප්‍රධාන මාර්ග දෙපස පදික වේදිකාව මත වාහන නවතා තැබීම සම්පුර්ණයෙන් නතර කරන ලෙස මෙහිදී උපදෙස් දුන්නා.

මහල් නිවාස සංකීර්ණ, වෙළෙඳ මධ්‍යස්ථාන ඇතුළු ගොඩනැගිලි ඉදිකිරීමේ දී රථ වාහන ගාල් කිරීමට ඉඩ පහසුකම් සැලසීම අනිවාර්යෙන් කළයුතු වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *