පාසල් සිසුන්ව ආක්‍රමණය කළ අලුත්ම මත්ද්‍රව්‍ය මෙන්න

මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පනස්දහසක පමණ පිරිසක් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

එහි සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා ප්‍රකාශ කළේ අයිස් මත්ද්‍රව්‍ය මෙරට තුළ ව්‍යාප්තිය ආරම්භ වී වසර තුනක් වනවිට සෙසු මත්ද්‍රව්‍යයන්ට සාපේක්ෂව එහි ව්‍යාප්තිය අවදානය යොමුකළ යුතු මට්ටමක පවතින බවය.

මෙරට පාසල් පද්ධතිය තුළ දුම්කොළ භාවිතයේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා,

“මේ වෙනකොට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ලංකාව පුරා අයිස් භාවිතය පිළිබඳව එක්තරා සමීක්ෂණයක් පවත්වාගෙන යනවා. ඒ සමීක්ෂණය අනුව අපට දැනෙන එක තමයි මූලික තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ මේ මොහොත වෙනකොට සාමාන්‍යයෙන් 50,000ක පමණ පිරිසක් අයිස් භාවිත කරනවා කියලා. හැබැයි පාසල් පද්ධතිය ගත්තොත් හුඟක් අයගේ ලොකු බියක් තිබුණා මේ පාසල් මට්ටමේ අයිස් භාවිතයක් තියෙනවා ද කියලා නමුත් අපිට ආපු සාම්පල් මගින් ඒ වගේම තමයි ගුරුවරුන්ට අපි දැනුවත් කිරීම් කරලා ඒගොල්ලෝ මේ භාවිත කරන ක්‍රමවේදය අනුව හොයලා බැලුවම අපිට පේනවා මේ පාසල් පද්ධතිය තුළ මේක ව්‍යාප්ත වෙලා නෑ. පසුගිය මාස 06 ඇතුළත ඔය වයස් සීමාවේ කිසිම කෙනෙක් අත්අඩංගුවට අරගෙන නෑ. අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධව ළමුන්ගෙන්.”

“හැබැයි එක දෙයක් තියෙනවා මේ වර්ධනය ගත්තාම පාසල් පද්ධතිය තුළ අපිට විශේෂයෙන්ම පේන්නේ දුම්කොළ භාවිතය කියන එක පිළිබඳව. ඒ කියන්නේ දුම්වැටි භාවිත කරන්නෝ දුම් නගින දුම්කොළ භාවිත කරන්නෝ ලංකාවේ ලක්ෂ 15ක් ඉන්නවා. ඒ වගේම තමයි දුම් නොනගින දුම්කොළ භාවිත කරන අයත් ලක්ෂ 15ක් ඉන්නවා. දෙගොල්ලෝම එකතුවුණාම ලක්ෂ 30ක පිරිසක් ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිත කරනවා. පාසල් පද්ධතියේ හුඟක් වෙලාවට අපිට දකින්න ලැබෙන්නේ. මේ ළමයි අතර දුම්කොළ ඒගොල්ලෝ ගෙදරම හදාගෙන ඒක හුණු එක්ක කලවම් කරලා කට ඇතුළේ තියාගෙන ඉන්න පුරුද්ද. ඒ දුම්කොළ මගින් ඇතිවන මත්වීම කියන එකට හුරුවෙච්ච ගතියක් මේ ළමයි තුළ දක්නට ලැබෙනවා”

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *