පොලිස් ඉතිහාසයේ වැඩිම නිලධාරීන් පිරිස රහස් පොලිස් කූඩුවට – කුඩු වික්ක නිලධාරීන්ගේ නම් මෙන්න

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමුන් හා එක් වී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගබඩාවල නඩු භාණ්ඩ ලෙස ගබඩාකර තැබූ මත්ද්‍රව්‍ය තොග පිටින් විකිණීමේ චෝදනාවට එම කාර්යාංශයේම පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු තවත් දොළොස් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (02දා) අත්අඩංගුවට ගැනීමත් සමග අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ගණන 16ක් වනවා.

මෙපමණ පොලිස් නිලධාරීන් ගණනක් එකවර අත්අඩංගුවට පත් පළමු වතාව මෙයයි.

අත්අඩංගුවට ගත් අය අතර උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙක් සහ සැරයන්වරු තිදෙනෙක් ද වනවා.

පොලිස් ඉතිහාසයේ මෙවැනි චෝදනාවකට අත්අඩංගුවට ගත් වැඩිම පිරිස මෙයයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට මීට පෙර උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නාකොටික් අංශයේ සිව්දෙනකුත් සිවිල් පුද්ගලයන් දදෙනකුත් අත්අඩංගුවට ගත්තා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගබඩාවේ තිබූ මීට ඉහතදී නාවික හමුදාව මගින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් ‘අයිස්’ නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් හැටකට වැඩි ප්‍රමාණයක් විකුණා ඇතැයි දැනට කරන විමර්ශනවලින් හෙළි වී තිබුණා.එක් උප පොලිස් පරීක්ෂකවරයකු අයිස් කිලෝ තුනක් විකුණා ඇතැයි හෙළිවනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂක විමලසේනගේ ලයනල්, උප පොලිස් පරීක්ෂකවරුන් වන ගයාන් තරංග හා දහනායක, සැරයන්වරුන් වන මුතුබණ්ඩා, ජයසිංහ, චමිල ප්‍රසාද් යන අය වෙති. කොස්තාපල්වරුන් වන විජේසිංහ, පුෂ්පකුමාර, අසංක, ප්‍රදීප්, ලක්ෂ්මන්, ලලිත් යන අයද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහබාගේ ප්‍රදේශයේ දී සහල් ගෝනි තුළ සඟවා තිබියදී ඇල්ලූ බවට කියූ හෙරොයින් කිලෝ දෙසිය විසි පහ සහල් මලුවල අසුරා ව්‍යාජ තොරතුරු ලබා දුන් මෙහෙයුමට සම්බන්ධ පොලිස් පරීක්ෂක සමන් කුමාර විසින් හෙරොයින් කිලෝ 43ක් විකුණා ඇති බවටද තොරතුරු ලැබී තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *