කතානායක පුටුවට ‘යෝජිත’ රාජපක්ෂ පුතණුවන් මෙන්න

නව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක වරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා පත් නොකර මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පත් කිරීමට යෝජනා වී තිබෙනවා.

ඔහු මෙවර මොණරාගල දිස්ත්‍රික්කයෙන් තරඟ වැද මනාප ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලබා ගනිමින් දිස්ත්‍රික්කයේ පළමුවැනියා ලෙස තේරී පත් වුණා.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මීට පෙර ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කළා.,

ඔහුගේ පියා වන චමල් රාජපක්ෂ මහතා ද මීට පෙර පාර්ලිමේන්තුවේ කථානායක ධුරය හොබවා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පත් කිරීමට නියමිත යැයි ද වාර්තා වනවා.

නව පාර්ලිමේන්තුව එළඹෙන විසි වන දා රැස්වීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *