විමල්ගෙන් පාර්ලිමේන්තුවට ගිය හයදෙනා මෙන්න – මුසම්මිල් ලැයිස්තුවෙන්

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ ‘පොහොට්ටුව’ ලකුණින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් 06 දෙනෙකු මේ වන විට 09 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තේරී පත්ව තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් විමල් වීරවංශ, කළුතර දිස්ත්‍රික්කයෙන් ජාතික සංවිධායක ජයන්ත සමරවීර, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ජානිපෙ දේශපාලන මණ්ඩල සභික නිමල් පියතිස්ස, රත්නපුර දිස්ත්‍රික්කයෙන් ගාමිණී වලේබොඩ හා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් උද්දික ප්‍රේමරත්න යන මහත්වරු දිස්ත්‍රික් පදනමින් තේරී පත්ව තිබුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව මගින් ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවට නම් කර වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *