කටුනායක ගැන ගන්නා තීරණය මෙන්න – රටින් පිට කිරීමටත් සුදානම් (VIDEO)

කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රය ජීවානුහරණය කිරීම ගුවන් හමුදා සාමාජිකයින් විසින් අද (16) සිදුකරනු ලැබුවා.

මෙහිදී අදහස් දක්වමින් ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ සභාපති ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පවසා සිටියේ‍ මෙම ක්‍රියාවලිය දින දෙකකට වරක් හෝ සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ගුවන් තොටුපල වසා දැමීමට බලාපොරොත්තුවක් නැතැයි ද පැවසු ඒ මහතා, පිටරටින් පැමිණෙන සියලු දෙනා නිරෝධායනයට ලක් විය යුතු බවද සඳහන් කළා.

එසේ නොමැති අය වහාම පිට කරනු ලබන බවත් පැවසු ඒ මහතා, දැනට ගුවන් තොටුපල වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් කියා සිටියා.


තවත් පුවත් කෙටියෙන් පහතින්

You May also like

1 Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *