විශ්ව විද්‍යාල නවක සිසුවියන් ‘ස්වයං වින්දනය ලබන දර්ශන’ වට්ස්ඇප් ඔස්සේ ඉල්ලයි – නවකවදයේ අලුත්ම උත්සාහය මෙන්න

යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ දෙවැනි වසරේ සිංහල සිසු, සිසුවියන් පිරිසක් නවමු මුහුණුවරකින් ප්‍රථම වරට සමාජ මාධ්‍ය භාවිතයෙන් ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක ඔස්සේ නවක වදය දීමේ සිදුවීමක් වාර්තා වනවා.

කළමනාකරණ අධ්‍යයන අංශයේ දෙවැනි වසරේ සිසුන් දෙදෙනකුගේ හා සිසුවියන් දෙදෙනකුගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම නවක වද සිදුවීමේදී නවක සිසු සිසුවියන්ට වට්ස්ඇප් සහ සමාජ මාධ්‍ය ඔස්සේ නිරුවත් ඡායාරූප, වීඩියෝ සහ ස්වයං වින්දනය කරන ආකාරයේ වීඩියෝ දර්ශන එවන ලෙස බලපෑම් කරන බවත් එසේ පින්තූර සහ වීඩියෝ පට නොඑවන නවක සිසු සිසුවියන්ට විශ්වවිද්‍යාලයට නොපැමිණෙන ලෙසට මොවුන් තර්ජනය කරන බවත් සඳහන් වනවා.

විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ තෙවැනි සහ අවසන් වසරේ සිසු සිසුවියන්ගේ පූර්ණ අනුදැනුම හා උපදෙස් මත සිදුවන මෙම නවක වදයට නවක සිසු සිසුවියන් 120 දෙනකු පමණ ගොදුරු වී ඇති බවත් ඉන් සිසු සිසුවියන් රැසක් ජේ‍යෂ්ඨයන්ගේ බලපෑම් මධ්‍යයේ අසැබි දර්ශන යවා ඇති බවත් සඳහන්.

කාන්තා ජේ‍යෂ්ඨ සිසුවියන්ද පිරිමි ජේ‍යෂ්ඨ සිසුන්ගේ විකෘති කාමාශාවන් ඉටුකර දෙන්නැයි නවක සිසුවියන්ට බලපෑම් කරන බවත් තමන්ද විශ්වවිද්‍යාලයට පැමිණීමට පෙර ජේ‍යෂ්ඨ සිසුන්ට මෙලෙස අසැබි දර්ශන යැවූ බැවින් නුඹලාද එලෙස කරන ලෙස නවක සිසුවියන්ට බලපෑම් කරන බවද වාර්තා වනවා.

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ නවක සිසු සිසුවියන්ට නිවෙසේ සිට ඔන්ලයින් ඔස්සේ අධ්‍යයන කටයුතු කිරීමට අවස්ථාව සලසා දීමෙන් නවක වදය දීමට නොහැකි වීම හේතුවෙන් මෙම ක්‍රමවේදය අනුගමනය කරන බවත් ඒ හේතුවෙන් නවක සිසු සිසුවියන්ට සිය අධ්‍යයන කටයුතු නිසි ලෙස කරගෙන යෑමට නොහැකි වීම මෙන්ම බහුතරයකට විශ්වවිද්‍යාලයට යෑමට දැඩි බියක් උද්ගත වී ඇති බවත් වාර්තා වනවා.

එමෙන්ම විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ නවක වදය දීමට හැකියාවක් නොමැති පසුබිමක් පැවැතියහොත් ජේ‍යෂ්ඨ සිසු සිසුවියන්ගේ පෞද්ගලික නේවාසිකාගාරවලට නවක සිසු සිසුවියන් ගෙන්වා පෙර කී බලහත්කාරකම් කිරීමේ සැලැසුමක් පවතින බවද සඳහන් .

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *