ගුවන් මගීන් සියල්ලන් ගුවන් තොටුපොලේම රඳවා ගනී – ලබන සතියේ සිට ක්‍රියාත්මක වැඩපිළිවෙල මෙන්න

ලබන සතියේ සිට විදේශ රටවල සිට පැමිණෙන සියලුම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපොළේදීම කොවිඩ්-19 සඳහා සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණය සිදු කිරීමට කටයුතු කරන බව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි පැවසුවා.

ඒ අනුව විදේශයේ සිට පැමිණෙන මගීන් වෙනම ස්ථානයක රඳවා ඔවුන්ගෙන් පී.සී.ආර්. පරීක්ෂා කිරීමේ කුටි හයක් හා වෛද්‍ය පර්‌යේෂණාගාරයක් දින තුනක් ඇතුළත ඉදි කිරීමට නියමිතයි.

එහිදී පැමිණෙන මගීන් ගුවන් තොටුපොළේදීම සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ අනුව නිරෝධායන මධ්‍යස්ථානවලට හෝ කොවිඩ්-19 සඳහා වෙන්කර ඇති රෝහල්වලට සෘජුවම ඒ මොහොතේදීම යොමු කෙරෙනවා.

කෙසේ වෙතත් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන පිරිස් ඉන් දින දහයකින් පසුවද යළිත් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තා පැමිණීමට පැය හයක් ගතවන නිසා එම කාලය තුළදී මගීන් සෞඛ්‍යාරක්ෂිතව රඳවා තැබීම සඳහා වෙනම ස්ථානයක්ද සකස් කිරීමට නියමිත බව සභාපතිවරයා සඳහන් කළා.

මෙම තත්ත්වය මත ඉදිරියේදී විදේශයෙන් ශ්‍රී ලාංකිකයන් රැගෙන එනු ලබන්නේ දිනක් හැර දිනක් ලෙසයි.විදේශ රටවල සිට පැමිණි 415 කට පසුගිය සිකුරාදා වනවිට කොවිඩ්-19 වැලඳී ඇති බව තහවුරු වී තිබුණා.

You May also like

2 Comments

    1. Hi dear all
      My daughter pregnant 7 month already. Naw 8 month she wating go home still never getting flight
      Our no money to deliver baby this country
      Please hlping me for my daughter go to srilanka
      Really its vry big hlping
      Ohh God
      Please given me any information
      Thankq

Leave a Reply

Your email address will not be published. Required fields are marked *