ජනප්‍රිය සුරූපී නිළියගේ ඝාතනය ගැන සැමියා හෙළි කළ රහස මෙන්න

බංග්ලාදේශ නිළි රයිමා ඉස්ලාම් ෂිමුගේ සිරුර ගෝනියක තිබී හමුවීමෙන් පසු ඇයගේ සැමියා වන සකාවත් අලි නොබෙල් සිය බිරිඳ ඝාතනය කිරීමේ වගකීම භාරගෙන තිබෙනවා.

අතුරුදන්වී දින කිහිපයකින් අනතුරුවයි මෙම නිළියගේ සිරුර පාලමක් අසල තිබී හමුවුයේ.

ඇයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රෝහලට යොමුකර ඇති අතර, එහිදී සිරුරේ තුවාල සලකුණු ද නිරීක්ෂණය වී තිබෙනවා.

මියයන විට ඇයගේ වයස අවුරුදු 45 ක්.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර නොබෙල් දින 3ක් දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැමියා මෙවැනි ක්‍රියාවක් කිරීමට හේතුව පවුල් ආරවුලක් විය හැකි වන අතර තවත් ජනප්‍රිය බලගතු නළුවෙකුගේ සම්බන්ධයක් ද මෙම ඝාතනය පසුපස ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේවෙතත් එම තොරතුරු කිසිවක් තවමත් තහවුරු කර නැහැ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *