කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ‘විසි කළ’ ටෙනිස් බෝල දෙකකින් හෙළිවූ රහස

වැලිකන්ද – කන්දකාඩු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඊයේ රාත්‍රියේ පිටතින් විසි කරන ලද මත්ද්‍රව්‍ය පිරවූ ටෙනිස් බෝල දෙකක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ භාවිතය සඳහා මෙලෙස මත්ද්‍රව්‍ය පිර වූ ටෙනිස් බෝල විසිකර ඇතැයි සැක කරන බවයි.

එම ටෙනිස් බෝල තුළ හෙරොයින් සහ ගංජා තිබී සොයාගෙන ඇති අතර, ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු මේ වනවිට ක්‍රියාත්මකයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *