කුඩු කිලෝවක නඩුවේ සැකකරු ‘මන්ත්‍රී අරුන්දිකගේ නිවසෙන් එළියට එද්දී’ හසුවේ

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ එකක ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටීමට සැකකරුවකුට ආධාර අනුබල දුන්නේයැයි සැකපිට මීගමුවේ නාගරික මන්ත්‍රීවරයෙකු සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාගේ නිවසේ සිට පැමිණෙන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව නගර සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකුයි.

අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ දංකොටුවේ පිහිටි නිවසට සැකකාර නාගරික මන්ත්‍රීවරයා පැමිණෙන බවට රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේත් රාජ්‍ය බුද්ධි සේවයේත් නිලධාරීන් කණ්ඩායමක් පැය දෙකකට ආසන්න කාලයක් එම නිවස ඉදිරිපිට රැකවල් ලාගෙන සිට ඔහු පිටතට පැමිණි සැනින් අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ පළමු සැකකරු පසුගිය 23 වනදා හෙරොයින් කිලෝ එකක් සමග අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමකින් සැකකාර මන්ත්‍රිවරයා පිළිබඳව තොරතුරු හෙළිව තිබෙනවා.

මොවුන් දෙදෙනා අධිකරණවට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගෙන තව දුරටත් ප්‍රශ්න කිරීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *