හෙරොයින් රැගෙන සැකකරුවෙකු බැලීමට ආ අයෙකු කොටුකරගත් හැටි

2022.01.10 වන දින පස්වරු 03.00 ට පමණ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැකකරුවෙකු බැලිමට පැමිණි ඥාතියෙකු විසින් සැකකරු වෙත ලබා දිමට රැගෙන එන ලද බත් පාර්සලයේ හාල්මැස්සන් ව්‍යංජනයේ හෙරොයින් කුඩා පැකට් 13ක් ඉතා සුක්ෂම ලෙස අඩුක්කර සැකකරුට ලබා දිමට ගිය අවස්ථාවේ බන්ධනාගාර නිලධාරිනියන් විසින් ඉතා උපක්‍රමශිලීව අල්ලා ගන්නා අවස්ථාවේදී සැකකරු පලා යාමට උත්සහ කර තිබෙනවා.

එම අවස්ථාවේදී ක්ෂණීකව ක්‍රියාත්මක වු නිළධාරින් විසින් එම පුද්ගලයා ලුහුබැද ගොස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තහනම් ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයා සහ අදාල තහනම් ද්‍රව්‍ය ද සමග ඉදිරි නිතිමය කටයුතු ගැනිම සදහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දි ඇති අතර, සිදුවිම සම්බන්ධයෙන් මුලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මුලස්ථානය වැඩි දුරටත් වාර්ථා කරයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *